සුභ උපන්දිනක් - Guide to CSE

Hot

Post Top Ad

Your Ad Spot

Latest News

Thursday, April 12, 2012

සුභ උපන්දිනක්

කාටවත් නෙමෙයි, Guide To CSE අඩවිය අද දින තමුන්ගේ දෙවන උපන්දිනය සමරනවා. වසර දෙකක් තිස්සේ මෙම අඩවිය සමඟ රැඳුනු ඔබට බොහොමත්ම ස්තුතියි.
පසුගිය මාස කිහිපයටම කිසිදු ලිපියක් ලියන්නට බැරි උනත්, අඩවියට එන සෙනඟ ප්‍රමාණයේ ලොකු අඩුවක් උනේ නෑ. නමුත් අලුත් දෙයක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න අයට මොකුත් ලබාදෙන්නට බැරි වීම ගැන මම සමාව ඉල්ලනවා. 
මම පොඩි පොත් පිංචක් හදන්නට බලාපොරොත්තුවෙන් හිටියා, ඒකත් කරගන්නට බැරි උනා. 
මේ දවස් වල මාකට් එකෙත් එතරම්ම හොඳක් නැති නිසා මමත් මේ දවස් වල ඒ පැත්ත එතරම් බලන්නෙ නෑ. ඉතින් ඒ ගැන හරි හමන් දෙයක් ලියන්න හිතෙන්නෙත් නෑ. 

කොහොම හරි, පහුගිය වසර දෙක දිහා හැරිල බැලුවම (අන්තිම මාස කිහිපය හැරුනුකොට) මට සතුටු වෙන්න දෙයක් තිබෙනව. හුඟක් දෙනා මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජන ගන්න ඇති. තමුන්ගෙ ගැටළු වලට පිළිතුරු හොයා ගන්න ඇති. ආයෝජනයට යොමු වෙන්න ඇති, ලාභ ලබා ගන්න ඇති. ඉතින් සතුටුයි මගේ උත්සාහයෙන් ප්‍රථිඵලයක් උනු එක ගැන.

ඒත් එක්කම, හැමෝටම සුභ අලුත් අවුරුද්දකුත් ප්‍රාර්ථනා කරනවා...

2 comments:

  1. Wish you very happy B'Day! Guide to CSE is doing grate job for Sinhala speaking investment community.

    ReplyDelete
  2. සුබ පැතුම්..! :)
    මම නම් මෙකෙන් සැහෙන්න දේවල් ඉගෙන ගත්තා..දැන් සයිට් එක update වෙනනෙ නැති එක නම් පාඩුවක්..හැබැයි දැන් market එකත් චාටර් වෙලා තියෙන්නේ..

    ReplyDelete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad

Your Ad Spot