කොටස් වෙළඳපළ ආයෝජනය කරන්න බියක් තියෙන, ඒ අවදානම ගන්න බය ඒත් ආසාව තියෙන, කොටස් වෙළඳපළ හරහා ආදායම් මාර්ගයක් සකසා ගන්නට කැමැත්තක් තිබෙන අය සඳහා විසඳුමක් ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ. අනිත් අයටත් මේ ක්‍රමය ගැන හිතල බලන්න ඉඩ කඩ තිබෙනවා. ආයෝජනයන් කරල ලාභ ලබා ගන්න කාලය, දැනුම, පළපුරුද්ද, හැකියාව නැතිනම් ඒ අයටත් මේක ප්‍රයෝජනවත් වේවි.
මේ කියන්න යන්නෙ "ඒකක භාර", ඉංග්‍රීසියෙන් කිව්වොත් "Unit Trusts" ගැනයි.
මේ ගැන ලිපියක් ලියන්න කාලෙක ඉඳල හිටියත් ලියන්න බැරි උනා. ඔන්න ඉතින් ලියනවා.
ඉතින්, මොකද්ද මේ ඒකක භාර කියල කියන්නෙ?
ඒකක භාර කියල කියන්නෙ, යම් වගකිවයුතු සමාගමක්, ඔබ වෙනුවෙන්, විවිධ සමාගම් වල කොටස් වල ආයෝජනය කිරීමක්. එය ඔබට ඕනෑම වෙලාවක යළි ලබාගන්නත් පුළුවන්. (A system where money from a number of investors is pooled together and invested collectively in investments such as shares and bonds. Each investor owns a unit, (or a number of them) the value of which depends on the value of those items owned by the fund. ... : www.msol.co.uk/main/h1070.htm) ඔබ ආයෝජනය කරන මුදලට සමානුපාතිකව ඔබට ඒකක ප්‍රමාණයක් ලැබෙනවා.
මෙහිදී වෙන්නේ, ඔබ ආයෝජනය කරන මුදලින් කොටසක් එම සමාගම මගින්, කොටස් වෙළඳපළ තුළ ඉහළ ලාභ ලබන සමාගම් වල යොදවන අතර, කොටසක් වෙළඳපළේ ඉහළ ප්‍රථිලාභ ගෙනෙන මූල්‍ය සුරැකුම් වල ආයෝජනය කරන එකයි.
ඔබට මුදල් තිබෙන වෙලාවට හෝ මාසික වාරිකයක් ලෙස මුදල් යෙදවිය හැකියි.
ඒකක භාර වල ප්‍රධාන ලක්ෂණ හා වාසි
- ආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ
- ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)
- වෘත්තීයමය දැනුමැත්තන්ගෙන් ලැබෙන සේවය
- රු.1000ක් වැනි මුදලකින් වුවත් ආයෝජන ඇරඹීමේ හැකියාව
- ආයෝජන පහසුවෙන් මුදල් කර ගැනීමේ හැකියාව
- හදිසි ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස ඒකක භාර සහතිකය ඉදිරිපත් කිරීමේ හැකියාව
කොටින්ම කිව්වොත් ඕනෙම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න, මේ විදිහට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුළෙ ඉන්න අයට විතරයි.
- ශ්‍රී ලංකාවේ නේවාසික හා අනේවාසික පුද්ගලයින්
තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් වශයෙන් (බාල වයස්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්)
- ශ්‍රී ලංකාවේ ආයතින ආයෝජකයෝ
ආයෝජනය කරන්නේ කෙසේද?විදේශීය ආයෝජකයින්, විදේශීය සමාගම් සහ ආයතන යනාදිය.
ශ්‍රී ලංකාවේ ඒකක භාර ගනුදෙනු හා සම්බන්ධ කළමණාකාර සමාගම් 5ක් තිබෙනවා.
NATIONAL ASSET MANAGEMENT LTD
73, W.A.D. Ramanayake Mawatha,
Colombo 02,
Sri Lanka.
http://www.namalfmc.com/ Tel Mobile Fax E-mail | : : : : | +94 112445911 +94 777352988 +94 112445903 info@namalfmc.com |
CEYLON ASSET MANAGEMENT LTD
281, Union Place,
Colombo 00200,
Sri Lanka.
http://www.ceylonam.com/ Tel Mobile Fax E-mail | : : : : | + 94 117394000 + 94 717030000 + 94 117394007 info@ceylonam.com |
CT FUND MANAGEMENT LTD
'5th Floor, Majestic City,
Colombo 04,
Sri Lanka.
Tel Mobile Fax E-mail | : : : : | +94 115759570 +94 777751392 +94 112506347 comtrust@ctfund.net |
UNIT TRUST MANAGEMENT COMPANY LTD
3rd Floor, West Wing,
Bank of Ceylon Building, York Street,
Colombo 01
Sri Lanka.
http://www.ceybank.com/Tel Mobile Fax E-mail | : : : : | +94 112448403 +94 712771587 +94 112506347 ceybank@slt.lk |
EAGLE NDB FUND MANAGEMENT LTD
75, 2nd Floor, Eagle House,
Kumararathnam Road,
Colombo 02
Sri Lanka.
Tel Mobile Fax E-mail | : : : : | +94 112310113 +94 777286666 +94 112310131 |
ඉතින් ඒකක භාර වල ආයෝජනය ඉතාම සරළයි. ඔබ මෙම සමාගමකින් එකක් තෝරාගෙන එම සමාගමෙන් ඉල්ලුම්පත්‍රයක් ලබාගෙන එය පිරවිය යුතුයි. මුදල් බැර කිරීම මුදලින් හෝ චෙක්පත් මගින් එම අවස්ථාවේම සිදු කළ හැකියි. එපමණයි. ඊට පස්සෙ වැඩ ටිය එයාල බලා ගනී.
අඩුම ගානෙ කීයක් දාන්න ඕනෙද?
ඉස්සෙල්ලත් කිව්ව වගේ ඔබට පුළුවන් රු.1000ක් වැනි කුඩාම මුදලකිනුත් මේ වැඩේ පටන් ගන්න.
බාලවයස්කරුවන්ට ඒකක භාර මිලට ගත හැකිද?
එම බාලවයස් කරුවාගේ නමට, ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට/භාරකරුවාට මිලට ගන්න පුළුවන්, නමුත් එම බාලවයස්කරුවාට වයස අවු:18 සපිරෙන තෙක් එම භාරයන් යළි මුදලට හැරවිය නොහැකියි.
මගේ මුදල් වලට තියෙන ආරක්ෂාව මොකද්ද?
ඔබගේ මුදල් ආයෝජනය කරන්නේ එම භාරකාර ආයතනය මගින්. සියළුම කොටස් හා මුදල් තිබෙන්නේ එම භාරකාර සමාගමේ නමට. එම ආයතනයේ වගකීමක් හා ඔවුන් නීතියෙන් බැඳී සිටිනවා එම මුදල් නිසියාකරව ආයෝජනය කිරීමට. ඒත් එක්කම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හා අධීක්ෂණය යටතේයි මේ සියළුම දේවල් සිදුවන්නේ. ඉතින් බයවෙන්න කිසිමදෙයක් නෑ.
ඉතින් මේ ගැන තවත් ලිපියකින් හමුවෙමු.
වෙනද වගේම ගොඩක් ස්තුතියි සහෝ,දැනුවත් කිරීමට.
ReplyDeleteඑතකොට අපිට මේකෙන් ලාබයක් ලැබෙන්නෙ මොන විදියටද?
ReplyDeleteඇයි ලිපියේ සඳහන් කරල තිබ්බෙ.
ReplyDeleteආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ
ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)
ඔවුන් ඔබගේ මුදල් ආයෝජනය කරනවා, ඒවායින් ලැබෙන ලාභ ඔබට ලැබෙනවා.
Godak wedagath site ekak stock market eke invest karana kattiyata.mama cds account ekek hadanna deelai tiyenne.thama active une naha.heta nathnam next week 1k active wei.mamath dan hamadaama me site 1 balanawa aluth monawada daala tiyenne kiyala.obata suba anagathayak.
ReplyDeleteDilina.
ස්තුතියි ඔබට. ඔබ වගේ කියවන්නන් අඩවියට සම්පතක්.
ReplyDeletethanx a lot thought of joinig cse after my university exams.
ReplyDeleteලාභ ලැබීම මෙන්ම කොටස් මිල අඩුවුනොත් ඒකෙ පාඩුවත් අපට හිමිවෙනවද?
ReplyDeleteඅනිවාර්යයෙන්ම. ඔබ ගත් මිලට වඩා මිල පහළ ගිය වෙලාවක ඒ පහළ මිලට වික්කොත් ඔබට අනිවාර්යයෙන්ම පාඩුවක්නෙ සිදුවෙන්නෙ නේද?
ReplyDeleteI plan to use 'UNIT TRUST' method. I read many articles in this Blog and got good idea about investing.
ReplyDeleteBut i have some remaining problems to clear regarding the UNIT TRUSTS.
What is the good UNIT TRUST agent company among above 5 people ?
2. When we invest by the use of UNIT TRUST method. Our money and shares will be fully handle by the UNIT TRUST agent. As i noticed in the articles, we gain annual profits, Free capital profits if our money invested in profitable manner.Yes, thats correct.
Again, If that UNIT TRURT agent will not invest our money in profitable manner, we gain loss. It means our income or loss fullyy depend upon the talent of that Unit trust. So, my question is: How we ensure that our unit trust agent invest our money carefully and profitable way ?
what is the guarantee of that ?
Plese reply me
kotas welada pale ayojayana gana nodanna godak dewal igena ganna labuna, aththatama godaak honda wadak, Bohoma Sthuthiy Obata....
ReplyDeleteJayamini Hewawasam
@Udara:
ReplyDeleteAs I said there are several packages with Unit Trusts. So u will have to pick the package. If u pick a package with annual interest percentage (like in a bank account, bt with more profit) they will give you as stated though the share prices go low or high.
And if you select a package with capital gains, then your profits will change as the share price. But you won't loose.
And answering for the first question, I think it is not ethical of promoting one firm. And with not much experience with them, I do not like to make any public statements on those.
@Ano: Thanks for the comment.
@ Madhawa Habarakada,
ReplyDeleteThank you very much. Finally i chosed CeyBank as my unit trust. What is your openion on that ?
Thank you
Ya. CeyBank will be a good choice.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteMamath kamathei join wenna athe mama hambantota .samanyen 1000kata masekata kiyak labeida wenas wenawa dala wasayen kewoth
ReplyDelete@Ruwan: මෙහෙමයි. විවිධ ආයතන වල තිබෙන පැකේජ වල ආයෝජනය කළ යුතු අවම මුදල විවිධයි. ඒ ඒ ආයතන වලින් ලබා දෙන පොළී අනුපාතික විවිධයි. විවිධ පැකේජ වලින් ලැබෙන ලාභාංශත් විවිධයි. ඉතින් මට හරියටම කියන්න බෑ ඔබට ලබා ගන්න පුළුවන් ලාභය. ආයෝජනය කරන මුදල ඉහළ යනකොට ලැබෙන ලාභයත් වැඩියි. ලාභාංශයත් වැඩි වෙන්න ඉඩ තිබෙනවා.
ReplyDeleteඒ අදාල ආයතනයට කතා කරලම විස්තර ලබා ගත්තා නම් තමයි වඩාත්ම සුදුසු.
Company ekata enne nathewa puluwanda join wenna
ReplyDeleteAiye mama ashai podiyata patan aran danumak aragena tika tika ayojanaya wadi karanna.english noeaje eka aduwen bariweida?
ReplyDeleteCapital trust tharaw kara ayathanaya kohamada?
ReplyDelete@Ruwan:
ReplyDeleteඅදාල ආයතනයට යන්නේ නැතිව නම් CDS ගිණුමක් අරින්න බෑ. ලඟදී වෙනස්කම් වෙලාද කියල නම් මට දැනීමක් නෑ. සමාවෙන්න.
ඉංග්‍රීසි ඕනෙ වෙන්නෙ නෑ මේ වැඩේට. කොටස් වෙළඳපළ ගැන දැනුම තමා ඕනෙ වෙන්නෙ.
කැපිටල් ට්‍රස්ට් වල එහෙම කියන්න නරකක් නම් නෑ.
Oya oya udin kiyapu samagam wala branches tynawada
ReplyDeleteDan api mulunma 100000 vthara damma na. Samagama padu labanawanam apita a 100000 th nathi wenna ida tynawada. Paluwa ayojanaya karana mudala padu labuwahoth api digin dikatama ayojanaya karanna onada. Api ayojanaya karana mudalak kochchara kalayak sadahaa walanguda. ( mata kotas weladapola gana danuma godak madhi.)
ReplyDeletemata ayojana gana asa hitune sirase yana kotas saha unit wadasatahanath ekka.e wenuwen mage danuma wadi karaganna me toraturu godak udaw wuna,thank you very much
ReplyDeleteඉතා මහන්සියෙන් හා කැපවීමෙන් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවියකි. මෙයට වැඩි වටිනාකමක් එකතු කරනු පිණිස ක්‍රෙඩිට් කාඩ් පත් පිළිබඳ උපදේශාත්මක ලිපි පෙළක් මේ හරහා දියත් කරන්නෙමු. http://cardslanka.blogspot.com/
ReplyDeleteක්‍රෙඩිට් කාඩ් ගැන අළුත්ම බ්ලොග් පෝස්ට් සිංහලෙන් කියවන්න. විචක්ෂනශීලිව ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරන්න. දින 51ක සහන කාලය අවබෝධයෙන් භුක්ති විඳින්න. ක්‍රෙඩිට් කාඩ් සඳහා අයදුම් කිරීම නිවැරදිව සිදු කරන්න. ඒ සඳහා අදම ඔබගේ යොග්‍යතාවය මැන ගන්න! https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewfor
Thanks a lot..
ReplyDeleteමෙයින් මාසිකව පතිලාභ හිමි වනවාද නැද්ද කියා දැන ගැනීමට අවශ්‍යයි. නැතිනමි මාසිකව ලාභ ලැභිය හැකිද?
ReplyDelete@Nuwan: ඒක ඔයා ආයෝජනය කරන ආකාරය අනුව වෙනස් වෙනව. ඔයා කොටස් මිලට ගෙන ලාභ සහිතව එදිනම විකුණනව නම් දිනපතා ලාභ ලැබිය හැකියි. මාසිකව ප්රතිලාභ ලබා ගන්න, මාසිකට කොටස් මිලට ගෙන වැඩි ම්ඉලට විකිණිය යුතුයි. නැතිනම් ඔබට ලාභයක් ලැබෙන්නේ කොටස් විකුණන දිනටයි.
ReplyDeleteලාභාංශ ගෙවන සමාගම් වල කොටස් අරගෙන තියාගෙන හිටියොත් එයාල ලාභාංශ ගෙවන දිනට වාර්ශිකව ඔබට ලාභාංශ ලැබෙනවා.
Apita kamathi, kotas wikunana samagamaka kotas ganda puluwanda? onama welawaka wikunanda puluwanda? Naththam api kotas ganda ona samagama, wikunana welawa thiranaya karanne api register wena samagamada.
ReplyDeleteApita kamathi, kotas wikunana samagamaka kotas ganda puluwanda? onama welawaka wikunanda puluwanda? Naththam api kotas ganda ona samagama, wikunana welawa thiranaya karanne api register wena samagamada.
ReplyDeleteOw. Oyata kamathi samagamaka kotas wikunumkaruwan mila karala tiyena milata one welawaka milata ganna puluwan.
DeleteNamuth wikunanna puluwan ganumkaruwan illala tiyena milatai. Kotas mila ihala gihilla tiyena welawaka wikinuwoth thamai labhayak enne. Naththam obata siduwenne paduwak.
register wenne kohomda
ReplyDelete@Ashan: ඔබ තෝරා ගන්නා සමාගම එක්ක කතා කරල එයාල ගාව ගිණුමක් විවෘත කරල ආයෝජනය කරන්න. එතකොට එයාල ඒ මුදල් වලින් ඔබ වෙනුවෙන් කොටස් මිලට ගන්නව. ඔබට ඒකක භාර එදින මිලට ප්‍රමාණයක් ලැබෙනව.
ReplyDeleteMma lolc eke ginumak opan kla.lolc eka hodaida kiyala dena ganna puluwanda
Deleteඔවුන් ගැන නරක නම් අහන්න ලැබිල නෑ.
Deleteමගේ සුභ පැතුම්
ReplyDeleteKotas weladapola bara mona departhamenthuwatada?
ReplyDeleteKotas weladapola bara mona departhamenthuwatada?
ReplyDeleteදෙපාර්තමේන්තුව මගින් ඔබ අදහස් කළේ?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteOwn api kiyana samagame ayojanaya karanawada nathinam ownta awshshya widiyatada ayojanaya karanne
ReplyDeleteඔවුන් කරන්නෙ Asset Management. ඒ කියන්නෙ අපි දාල සල්ලි වලින් ඔවුන් තමයි සමාගම් තෝරාගෙන ආයෝජනය කරන්නෙ.
DeleteTharawkara samagam wala branch thiyenawada
ReplyDeleteTharawkara samagam wala branch thiyenawada
ReplyDeleteසමහර සමාගම් වල ශාඛා තිබෙනවා. හැම එකෙම නෙමෙයි.
Delete