පටුන:
හුඟක් අය කරන ඉල්ලීමක්, කියන දෙයක් තමා CDAX ගැන පොඩ්ඩක් කියල දෙන්න කියල. ඒකෙ තියෙන හුඟක් දේවල් දන්නෙ නෑ කියල. ඉතින් මම හිතුව අනිත් දේවල් පැත්තක් තියල CDAX ගැන පොඩි කුප්පි ටිකක් දාන්න.

එහෙනම් අදින් පටන් ගමු CDAX කුප්පි.
මුලින්ම දැනගන්න එපැයි CDAX කියන්නෙ මොකද්ද කියල. Colombo Direct Access Exchange (CDAX) කියල කියන්නෙ අන්තර්ජාලය හරහා කොළඹ කොටස් නිකුතුව සමඟ සම්බන්ධ වෙලා, අන්තර්ජාලය හරහා real time කොටස් ගනුදෙනු සිදු කළ හැකි අතුරුමුහුණතක්. මේක ආරම්භ උනේ 2003 වර්ෂයේ. මෙම අතුරුමුහුණත හරහා ඔවුනට හැකි වෙලා තිබෙනවා කොටස් වෙළඳාම හා නව තාක්ෂණය එකට එකතු කරන්න.
ඔක්කොටම ඉස්සෙල්ල CDAX තියෙන්න එපැයි, ඒකෙන් වැඩ කරන්න. www.cdax.lk වෙබ් අඩවියෙන් පුළුවන් CDAX බාගත කරගන්න. ඒ අඩවියේම තියෙනව CDAX සහාය දක්වන තැරැව්කාර ආයතන මොනවද කියල. ඒ මොකක්හරි ආයතනයක් නම් ඔබ සම්බන්ධ වෙලා තියෙන තැරැව්කාර ආයතනය සහ ඔබ CDAX හරහා ගනුදෙනු කිරීම ක්රියාත්මක කරල තිබෙනවා නම්, ඔබටත් පුළුවන් CDAX හරහා වැඩ කරන්න.
CDAX සහය දක්වන තැරැව්කාර ආයතන
- Asia Securities
- Asha Philip Securities.
- Ceylinco Stock Brokers
- Lanka Securities
- Acuity Stock Brokers
- Capital Alliance
- SMB Securities
CDAX වල තිබෙනවා පරිගණකයට ස්ථාපනය කරල ක්රියාත්මක කරන මෘදුකාංගයක්, වෙබ් බ්රවුසරය හරහා භාවිත කරන වෙබ් අතුරුමුහුණතක් හා ජංගම දුරකථනයට ස්ථාපනය කරල ක්රියාත්මක කරන්න පුළුවන් java මෘදුකාංගයක්.
CDAX මෘදුකාංගය ඔබට පරිගණකයකට ස්ථාපනය කරගන්න පුළුවන් නම් ඉතින් වඩා හොඳයි, මොකද වෙබ් අතුරුමුහුණත තාම realtime updating සහය හරියකට දක්වන්නේ නෑ. (සෘජු අන්තර්ජාල සබඳතාවයක් නොමැතිව පරිගණක මෘදුකාංගයත් ක්රියාත්මක කරන්න බෑ, ඒ කිව්වෙ ඔබ LAN එකක් හරහා තියෙන අන්තර්ජාල සබඳතාවයකින් CDAX ක්රියාත්මක කළොත් ඔබට CDAX සර්වර් හා සම්බන්ධ වෙන්න බෑ. ) එය ලබා ගැනීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න.
CDAX සම්බන්ධව Demo එකක් තියෙනව, බලන්නකො. (මේක නම් CDAX 4 වලට තියෙන එකක්, ටිකක් වෙනස් දැන් තියෙන CDAX එකට වඩා, නමුත් තේරුම් ගන්න පුළුවන්.) ඒක බලන්න මෙතනින් යන්න.
ඔබේ තැරැව්කාර ආයතනයෙන් CDAX Login Details ගත්තට පස්සෙ ඉතින් තියෙන්නෙ CDAX පාවිච්චි කරන්න. මේ පහළින් තියෙන්නෙ Login Dialog එක. ඔබේ තැරැව්කාර සමාගම ලබාදෙන තොරතුරු ඇතුළු කරල ලොග් වෙන්න. Broker Code එක එයාල දෙයි. User name එකත් දේවි, බොහෝවිට ඒක, ඔබේ සම්පූර්ණ නමේ මුලකුරු තමා වෙන්නෙ.

ඔවුන් common password එකක් දාල දෙනව. ඒකෙන් ලොග් උනු ගමන් ඒක වෙනස් කරගන්න. නැත්තම් ඉතින් වෙන අය ඔයාගෙ එකට ලොග් වෙලා පිස්සු නටයි. Tools > Change Password

ඒකත් හරි. කොහොම හරි ඔයාලට මුලින්ම ලැබෙන එක මෙන්න මේ වගේ පෙනේවි. (කොටස් වෙළදපළ ක්රියාත්මක අවස්ථාවක ඔයා CDAX ඕපන් කළොත්.) ඔය පේන ලිස්ට් එක සැරෙන් සැරේ වෙනස් වෙවී වෙනස් වෙවී තියේවි.

පොඩ්ඩක් සෙල්ලම් කරල බලන්න. වැඩි වැඩ කරන්න යන්න එපා. පොඩ්ඩක් ඉංග්රීසි තේරෙනව නම් මේක කිසිම අමාරුවක් නෑ. දැනගන්න ඕනෙ ඒ ඒ එකෙන් මොනවද වෙන්නෙ කියන එකයි.
අදට ඇති වගේ, මොකද මටත් මේ සති කිහිපයේ ඉහටත් උඩින් වැඩ. එහෙම වෙලත් ලිපියක් ලියන්න හිතුනෙ කට්ටියට මොනවා හරි දෙන්න ඕනෙ නිසා.











CSE Daily





5 comments:
Good. Keep it up.
* Subscribing to the post is not working.
ස්තුතියි.
ෆීඩ් එක නම් වැඩ කරනවා.
sthuti godak kal me lipiya lebena turu bala hitiya
CDAX LAN එක හරහා වෑඩකරනවානෙ???
kanagatui kiyanna, uththaraya NO
Post a Comment