කොටස් වෙළඳපළට මුලින්ම පිවිසෙන්නන්ට - Guide to CSE

Hot

Post Top Ad

Your Ad Spot

Latest News

Saturday, July 3, 2010

කොටස් වෙළඳපළට මුලින්ම පිවිසෙන්නන්ට

දැන්වීමයි
මෙම ලිපිය, මෙම වෙබ් අඩවියේ මුල්ම ලිපියක යාවත්කාලීන කරන ලද යළි පළ කිරීමකි.


කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ.
මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත සමාගම් (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ සමාගම් වල ක්‍රියාකාරිත්වයට සුළු ප්‍රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම සමාගම් වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව.
ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනව. 
1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market)
2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම.

අපි මිලදී ගන්නෙ හැම වෙලේම ද්විතීය වෙළඳපළින්, තැරැව්කරුවන් තමා ප්‍රාථමික වෙලඳපළින් කොටස් මිලට ගන්නෙ.

තියෙන්න ඕනෙ මූලික අවශ්‍යතා මොනවද? 
1. CDS ගිණුමක් (Central Depository System Account) 
2. එම ගිණුම තුළ මුදල්
කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ? 
මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්‍ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්. 
ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්‍යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර. ඒ ඒ තැරැව්කාර සමාගම් මොන මොන විදිහෙ online trading පහසුකම්ද දෙන්නෙ කියල මේ ලිපියේ තියෙනව.
CDS account එකේ වැඩේ මොකද්ද? 
ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ.
ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ?
මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන්, බැංකු ගිණුමකට බැර කිරීමකින් හෝ චෙක්පත් ලෙස පමණයි. )
දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල හිතුනු හිතුනු සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. තව දෙයක්, ඔබ තීරණය කරන්න ඕනෙ, ඔබ ඒ කොටස් ඉක්මනටම විකුණන්න හිතනවද නැත්තම් කාලයක් තියා ඉඳල විකුණනවද කියන එකත්. ඒකත් මතක් කරල ඔයාගෙ උපදේශකට කියන්න. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (100ට අඩු කොටස් ගන්න ඕනෙ odd market එකේදී. ඒව ආපහු විකුණන්න ඕනෙත් එතනම තමා.)
කොටස් ජාති 
විවිධාකාරයේ කොටස් තිබෙනව.
Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
මේ ඇරුනම තව ජාති කිහිපයක් තිබෙනව.
කොහොමද කොටස් ගන්නෙ? 
මම මුලින් කිව්ව වගේ ඔබේ තැරැව්කාර සමාගම හරහා තමයි සියළු දේවල් වෙන්නෙ. ඔබ කිව්වම එයාල ඔබ වෙනුවෙන් එම කොටස් මිලයට අරන් ඔබේ CDS ගිණුමට දානව. ඔබේ CDS ගිණුමෙන් සල්ලි වියදම් කරල.
විකුණන්නෙ කොහොමද? 
ඒකත් ඉස්සෙල්ල වගේම තමයි, ඔබ ඔබේ තැරැව්කාර සමාගමට කිව්වම එයාල ඒව විකුණල ලැබෙන මුදල් ඔබට චෙක්පතක් විදිහට ගෙදරට එවනව. ඒ මුදල් ඔබේ CDS ගිණුමටම එකතු කරන්න ඕනෙ නම් ලිඛිතව ඒක එයාලට දැනුම් දෙන්න ඕනෙ.
එයාල එහෙම නොකර ඉඳීද? 
එහෙම බෑ, ඒක එයාලගෙ වගකීම. අපි කියන ඕනෙම දෙයක් කරන්න එයාල බැඳිල ඉන්නව. තව දෙයක්, එයාලට කිසිම විදිහකින් අපිට අලාභ වෙන දෙයක් කරන්න බෑ, ඒක නීති විරෝධියි. නමුත් එයාල දුන්න උපදෙසක් නිසා (එයාල උපදෙස් දෙන්නෙ එයාල කරන market researches හරහා) අපිට යම් අලාභයක් උනාට ඒකාට එයාල වැරදි නෑ.
එයාල අපිට වැඩ කරනවට එයාලට මොනවද ලැබෙන්නෙ? 
අපි කරන ඕනෙම විකිණීමකදි හා මිලට ගැනීමකදි තැරැව්කාර සමාගමට, කොළඹ කොටස් නිකුතුවට, බදු සඳහා වැනි දේවල් කිහිපයක් වෙනුවෙන්, අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 1.20% ප්‍රමාණයක් අර කිව්ව ස්ථාන වලට ලැබෙනව.
වැදගත්ම ප්‍රශ්නෙ, අපිට ගාණක් අතට එන්නෙ කොහොමද? 
මුලින්ම කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ අවදානම් සහගත වෙළඳාමක්, ඔයාලට ඒ අවදානම ගන්න වෙනව. මොකද එක පාරටම ඔයාල කොටස් ගත්තු සමාගමක් කඩා වැටුනොත් ඔයාලගෙ මුදල් වතුරෙ යන්න ඉඩ තියෙනව. 
බය උනාද? බය වෙන්නෙපා, එහෙම වෙන්නෙ නෑ ලේසියෙන්, නමුත් මිල උච්ඡාවචනය නිසා වැඩි මිලකට ගත්තු එකක් අඩු මිලකට විකුණල අලාභ ලබන්න නම් වෙන්න ඉඩ තියෙනව. මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව.
හරි, ප්‍රශ්නෙට එමු. මූලිකම හා ඉක්මන්ම ක්‍රමේ තමයි ඔබ ගත්තු සමාගමේ කොටස් වල මිල ඉහළ ගියොත් එම මිලට ඔබේ කොටස් විකුණල ගන්න පුළුවන් ලාභය.
උදා: ඔබ X කියන සමාගමේ කොටස් 400ක් ගන්නව එකක මිල රු.10 ගානෙ, ඒකෙ මිල ඉහළ යනව රු. 12.75ට. ඔබ මොකද කරන්නෙ, ඒ ගත්තු කොටස් ටික දැන් වෙළඳපළ මිලට විකුණනව. මොකද වෙන්නෙ? ඔබ 4000ක් වියදම් කරල 5100ක් ලබා ගන්නව. ඔබේ ලාභය රු. 1100 යි.
නරක නෑ නේද???
ඊළඟ ක්‍රමේ, සමාගමෙන් කොටස් වලට දෙන පොළිය (Dividends) ලබා ගැනීම.
මෙක හැම සමාගමක්ම කරන්නෙ නෑ, එහෙම පොළියක් ලබාදීමට එම කිසිම සමාගමක් බැඳිලත් නෑ.
සමාගමේ අධිකාරිත්වය තීරණය කළොත් අපි අපේ කොටස් කරුවන්ට පොළියක් දෙමු කියල, එයාල එම වසරේ ගත්තු ලාභය අනුව කියනව අපි එක කොටසකට මෙන්න මෙච්චර පොළියක් දෙනව කියල. ඔබ එම සමාගමේ කොටස් අරන් තිබෙනව නම් ඔබට එම පොළිය චෙක්පතක් මගින් ගෙදරටම එනව.
උදා: අර මුලින් කිව්ව X සමාගම තීරණය කරනව 2009.09.15 දිනට එම සමාගමේ කොටස් කරුවන්ට එක කොටසකට රු. 1.50ක පොළියක් ලබා දීමට. ඔබ ලඟ තිබෙනව නේද ඔවුන්ගෙ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔබට එම දිනයේදී රු. 600ක් ලැබෙනව පොළිය වශයෙන්.
තව ක්‍රම කිහිපයක් තිබෙනව, ඒත් මේ දෙක තමා වැදගත්ම, ඒනිසා මේ දෙක ගැන දැනගත්තම හොඳටම ඇති.
කොටස් වෙළඳපළ ගැන චුට්ටක් 
හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපළ ගැන. මේක ඇරල තියෙන්නෙ සතියෙ දවස් වල පමණයි, ඒකත් උදේ 9.30 ඉඳල හවස 2.30 වෙනකම් විතරයි, කරන ඕනෙම දෙයක් ඒ වෙලාව ඇතුළත තමයි. ඒකත් එයාලගෙ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුළ වහන්න ඉඩ තියෙනව. සියළුම රජයේ, වෙළඳ, බැංකු නිවාඩු දින වල මේක වහල. (නමුත් තැරැව්කාර සමාගම් හවස 4.30 දක්වා වැඩ කරනව )  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව ප්‍රධාන මිල දර්ශක දෙකක්. 
සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index | ASI) 
මුළු කොටස් වෙළඳපළ තත්වය ගැන තමා මෙයා කියන්නෙ. 
මිලන්කා මිල දර්ශකය (Milanka Price Index | MPI) 
කොටස් වෙළඳපළ පසුගිය කාර්තු 4 තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25හේ තත්වය තමා මේකෙන් කියන්නෙ.  
කොටස් වෙළඳපළ තුළ තිබෙනව පුවරු 
Main Board
බොහොමයක් විශාල කොම්පැනි තියෙන්නෙ මෙම පුවරුවෙ තමයි.
Diri Sawi Board
මධ්‍යම හා කුඩා සමාගම් තිබෙන්නෙ මෙම පුවරුවෙ.
Default Board
චූටි චූටි වැරදි කරපු කට්ටියව මේකට දානව. (වාර්ෂික වාර්තාව වෙලාවට නොදුන්න කට්ටිය එහෙම )
මේ කිව්ව ඒවයින් පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්න තියෙනවනම් අහන්න, දන්න තරමින් උත්තර දෙන්න සූදානම්.  
තව වැදගත් දෙයක්, මේක අන්තිමට කියන එක හරිද මන්ද. මම මේ ලිපිය ඇතුළෙ ලොකු ලොකු ඉලක්කම් දාල කිව්වට හැම වෙලේම එහෙම ලොකු ලොකු ලාභ ලැබෙන්නෙ නෑ, ඔබට ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් එහෙම ගත්තැකි. පොඩි මුදලකින් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි, අධෛර්යයට පත් වෙන්නෙ එපා, බැරි නෑ. මම රු. 100, 200 වගේ ලාභ තියාගෙනත් විකුණල තියෙනව, මට රු. 30, 50 චෙක්පතුත් ගෙදරට ඇවිල්ල තියෙනව.  
මමත් පටන් ගත්තෙ පොඩි ගාණකින්, නමුත් මම යොදපු මුදල මම මේ පහුගිය මාස 18ට 220% දක්වා වැඩි කරගෙන තියෙනව. (ඊට වඩා වැඩි කරගන්නව, training කාලේ මේක එක්ක ඉන්න උනේ නෑනේ. 
ඔබට මේකට කාලය ගත කරන්න පුළුවන් නම්, ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම්, මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවනාලිය කරගන්න පුළුවන්.
ජය වේවා!!! 
මේක කියවල තව කිහිප දෙනෙක් හරි කොටස් වෙළඳපළ ආයෝජනයට හැරුනොත් සතුටුයි. වෙන රට වලට සාපේක්ෂව ලංකාවෙ මේ පැත්තට හැරිල ඉන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්, ඒක වැඩි කරන්න පුළුවන් නම්, ඒකත් ලංකාවෙ ආර්ථිකයට හුඟාක් හොඳයි. (කොළඹ කොටස් නිකුතුව හා සම්බන්ධ වී ඇති පිරිස 500,000 ආසන්න අගයක් ගන්නෙ, ඒ අගය කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ.)
එක අතකින් මේක හොඳ රැකියා අවස්ථාවක්. ගෙදරට වෙලා පරිගණකය දිහා බලා ඉන්න, යතුරු කිහිපයක් ඔබන්න, කෝල් කිහිපයක් ගන්න විතරයි තියෙන්නෙ.  
තව වැදගත් දෙයක්, ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ. 




52 comments:

  1. දිගටම කරගෙන යන්න..බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. is there is any other benefit?
    such as people telling some hotel give dinner for there shear holders. and some hospital give discount on bill is that true???

    ReplyDelete
  3. @සුද්දා: ස්තුතියි/
    @Muthunayake: ඇයි නැත්තෙ. ඔයා කියන ඒව හරි, විවිධ සමාගම් ඔවුන්ගේ කොටස් හිමියන්ට එක එක අමතර ප්‍රථිලාභත් දෙනවා, උදාහරණ විදිහට ගලධාරි කොටස් හිමියන්ට එම හෝටලයේ කෑම වේලක්, නවලෝක රෝහලේ කොටස් හිමියන්ට එහි බිල්පත් සදහා 5%ක වට්ටමක්, සෙලාන් කොටස් හිමියන්ට ඔවුන්ගෙන් ගන්නා ක්එඩිට් කාඩ්පත් සඳහා 50%ක ගාස්තු සහනයක්, නොමිලේ රක්ෂණාවරණ (සමාගම මතක නෑ). හැබැයි මේ ප්‍රථිලාභ ලබන්න මිලට ගෙන තිබිය යුතු අවම කොටස් ගාණක් නම් තිබෙනව. (සෙලාන් එකේ මම මේ කිව්ව එකට නම් මට මතක හැටියට අවම වශයෙන් කොටස් 500ක හිමිකමක් තිබිය යුතුයි.)

    ReplyDelete
  4. math mulinma labe une Rs10i,passe habi tikak padu una rights wagayk aran expire wela danne nathi kamata,eth anthima transaction eken tibba Rs77ka labayk(tax giyama_),man mulinma dammeth Rs2000i ;) eken padu une ma na,

    btw,man ODEL-IPO eken 1000k ganna damma?madhwa aiya hithanne mokakda ODEL eke tradings kohoma weida?

    ReplyDelete
  5. ඔව්, පාඩු වෙන්නෙ නැතුව මේක අනිවා කරන්න පුළුවන්. මම කරපු සමහර transactions වලදි මම කොටස් මිලට ගත්තෙ රු.3000ක, 2000/=ක ලාභ එක්ක මම විකුණල තියෙනව, නමුත් සමහර ඒව රු.10-15 වගේ තියාගෙනත් විකුණල තියෙනව.
    ODEL ගැන කියනව නම්, ඔයා 1000ක් ඉල්ලන එක ෂුවර් එකටම ලැබැයි කියල නම් හිතන්නෙපා, වාසනාව තිබ්බොත් 1000න් කොටසක් හරි ලැබෙයි. investment advisorsල කියන්නෙ නම් ඒක පළවෙනි දවස දෙක ඇතුළත වගේ 20/= පනී කියල. බහින එකක් නම් නෑ, මොකද හොඳ කම්පැනි එකක්නෙ.

    ReplyDelete
  6. එල එල...
    සරළව කියල දීලා තියෙනවා..
    ඔහොම යං..

    ප:ලි: - මට රු: 80.00 චෙක් ඇවිත් තියෙනවා..[අපි ගන්න කොටස් වල ප්‍රමාණයටනේ ලාභාංශ ගෙවන්නේ...]

    ReplyDelete
  7. Niyamai.. godak dewal igena gatta. Pin sidda wenawa blog eka lipu kenata.

    ReplyDelete
  8. මමත් මේ ගැන ඉස්සර ඉදන්ම උනන්දු උනත් වැඩිය දැණුමක් තිබුනේ නැහැ. ඔයාගේ මේ බ්ලොග් එකේන් සෑහෙන දැණුමක් ලැබුනා. මම දැනට පිට රටක රැකියාවක් කරන්නේ. ලංකාවට ඇවිත් ව්යා පාරයක් වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ. මේ බ්ලෝග් එකෙන් ලැබුන දැණුමෙන් මටත් හිතෙනවා කොටස් වෙලද පොළට පිවිසෙන්න. ඔයා උදවු කරනවා නේද ?

    ReplyDelete
  9. මට පුළුවන් උදව්වක් කරන්න පුළුවන්, නමුත් මම ආයෝජන උපදේශකයෙක්වත් වෙළඳපළ සමීක්ෂකයෙක්වත් නම් නෙමෙයි, සාමාන්‍ය ආයෝජකයෙක් පමණයි කොටස් වෙලඳපළ ගැන සාමාන්‍ය දැනුමක් තිබෙන. :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Matath megena athdekim thiyana kenekuge udaw godak watinawaa matath udaw karanna puluwanda mahathmaya

      Delete
    3. මට දිය හැක්කේ ආරම්භයක් ගන්න සහයක් පමණයි. ගනුදෙනු කරන්න, කොටස් මිලට ගැනීම් විකිණිම් සම්බන්ධයෙන් මට සහය විය නොහැකියි. ඒව ඔබගේ ආයෝජන උපදේශකගෙන් ලබා ගත හැකියි.

      Delete
  10. මේ වගේ දැණුම තමයි ඕන කරන්නේ. :D
    ඒක නෙවෙයි මට ප්රිශ්ණ දෙකක් තියෙනවා. මට ඒක පැහැදිලි කරලා දෙන්න.
    ඔය කොටස්වල මිල ඉහල පහල යන එක සමාජීය සාධකවලට හා වෙළද පල තත්වයන්ට අමතරව සංඛ්යාත්මක අගයන් තීරනය කරන්නේ කවුද?

    අපි විකුනන්න සිතුව ගමන් අපේ කොටස් විකුන ගන්න පුළුවන්ද? නැතිනම් ඒ කොටස් ටික ගන්න කවුරුහරි එනකන් දවස් ගනන් බලාගෙන ඉන්න ඔනේද?

    ReplyDelete
  11. සංඛ්‍යාත්මක අගයන් කියල ඔබ අදහස් කළේ මොනවද? කොටසක මිල ඉහල පහළ යන ප්‍රමාණයන්ද? ඒක තීරණය වෙන්නෙ නම් ආයෝජකයින් මතම තමා.
    අපිට හිතුව ගමන් කොටස් විකුණන්න පුලුවන්, හැම වෙලේම වගේ ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නව, නමුත් ඉතින් එයා ඉල්ලන ගාණට දෙනකොට අපිට අලාභ හෝ ලාභ ලැබෙන එක ගැන නම් බලන්න ඕනෙ. සමහර වෙලාවට සමහර කොටස් වල මිල අනිවාර්යයෙන්ම හුඟක්ම ඉහළ යයි කියල දන්නව නම් ඒ වගේ වෙලා වලට order book එක හිස් වෙන්න පුළුවන්.

    ReplyDelete
  12. බොහොම සතුටුයි මේ වගේ ලිපිපෙලක් පලකරන්න හිතුන එක ගැන.මමත් බොහොම ආසාවෙන් හිටියේ කොටස්වෙලදපොල ගැන දැනගන්න.ඒත් හරි විස්තරයක් හම්බුවුනේ නැහැ බොහොම ස්තූතියි මේ ලිපි පෙලට.

    මම තව Forex trading ගැනත් හොයනවා. ඔයාට පුළුවන්ද ඒකටත් අපිට උදවු කරන්න..

    බොහොම ස්තූතියි.....

    ReplyDelete
  13. ඔබට මින් ප්‍රයෝජනයක් උනා නම් සතුටක්.
    Forex ගැන නම් මගෙ එතරම් දැනුමක් නෑ.
    www.stock-market-today.netහි නම් forex පිළිබඳ ලිපි යනවා, නමුත් ඉංග්‍රීසියෙන්.

    ReplyDelete
  14. mama newly CDS Account ekak open kala kiyala hithannako. after that eke deposit wenne kotas the, unless kotas walata adala milada.
    _____________________________________

    ReplyDelete
  15. මුදල් හා කොටස් යන දෙකම. ඔබ මුලින්ම මේ ගිණුමට මුදල් යෙදිය යුතුයි, එතකොට ඒ මුදල් ඒ ගිණුම තුළ තිබෙනවා. ඊට පස්සෙ ඒ මුදලින් කොටස් මිලට ගත්තම ඒ කොටස් ටිකත් තිබෙන්නෙ ඒ ගිණුමේමයි.
    කොටස් වලට අදාල මිල කියල කියන්නත් පුළුවන්. හැබැයි දැන් වෙළදපළේ පවතින මිල, ඔබ මිලට ගත් මිල නෙමෙයි. මොකද ඔබට ඒ කොටස් මේ දැන්මම විකුණන්න ඕනෙ නම් විකුණන්න වෙන්නෙ, දැන් පවතින මිලටනෙ.

    ReplyDelete
  16. Mata Kiyanwada Apita mulinma invest karanna pukluwna aduma gana?

    ReplyDelete
  17. ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මේ අඩවිය තුළ ලිපි කිහිපයකම කියැවිලා තිබෙනවා. ඔබ කියවා නැති හැඩයි.
    උත්තරය: ඕනෙම ගාණක්, ඒකට අවම/ උපරිම සීමාවක් නෑ.

    ReplyDelete
  18. limit order සහ Market Order ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
    Margin ගැනත් ,limit ඕඩර් එකේ කාලය ගැනත් දැනගන්න කැමතියි..
    ස්තූතියි..

    ReplyDelete
  19. order book එකට දාපු Order එකක් cancel කරන්න පු‍ළුවන්ද?
    online trading පහසුකම තියෙනවනම් ඕනෑම වේලාවක (කොටස් වෙළඳපොල ගනුදෙනු කරන වේලාව හැර උදා:- රාත්‍රී කාලයේදී වුවද) order දැමීම සහ කොටස් ගැනීම කල හැකිද?

    ReplyDelete
  20. cancel කරන්න පුළුවන්. Order book එකේම ඒකට option එකක් තිබෙනවා.
    කොටස් වෙලඳපළ වසා ඇති විට කොටස් මිලට ගන්න විකුණන්න බෑ. කඩේ වහල තියෙනකොට බඩු ගන්න බෑ නෙ. නමුත් Orders Que කරල තියන්න පුළුවන්, උදේට execute වෙන්න. නමුතු හැම trading platform එකක්ම එහෙම පහසුකමක් දෙනවාද කියලා නම් දන්නේ නෑ.

    ReplyDelete
  21. නියමයි අයියෙ.. මේ සයිට් එකෙන් හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.. ගොඩක් ස්තූතියි ඔයාට!

    ReplyDelete
  22. Thank u very much :) mama kamathiy invest karanna.me gana mata loku danumak tibune naa.me site eken mama godak dewal danagaththa.

    ReplyDelete
  23. godak dewal igana gaththa me web side eken ahamben hamu une matath asay join wenna. thanks hamotama

    ReplyDelete
  24. යාලුව, මට දැනගන්න පුලුවන්ද කොටස් වෙළඳපොලේ කොටසක් මිලදී ගත හැකි අවම මුදල? මුලින්ම ආරම්භ කරන විට අවම කීයකින් වැඩේ ආරම්භ කරන්න පුලුවන්ද? ඔබ මුලින් ආරම්භ කලේ කීයකින්ද?

    ReplyDelete
  25. ඔබට කොටසක් මිලට ගන්න පුළුවන් අවම මිල වෙන්නෙ සමාගමක් කොටසක් මිල කරල තිබෙන මිලයි.
    උදා: සමහර සමාගම් තිබෙනවා එයාලගෙ කොටසක මිල රු. 0.10යි. ඉතින් ශත 10කට එම කොටසක් ඔයාට මිලට ගන්න පුළුවන්.
    ඕනෑම ගණනකින් පටන් ගන්න පුළුවන්. නමුත් රු.10,000 කියන්නෙ හොඳ අවම ගණනක්.
    මම 2009දි පටන් ගත්තෙත් 10,000කින්.

    ReplyDelete
  26. Thank You Post ekata. Mata danaganna puluwanda Kohomada Secondary Market kenekwa alal ganne kiyala?? Eyalage rules & regulations thiyanawada? Eyalawa contact karagena wade patan ganna balan inne?? please give me a answer

    ReplyDelete
  27. @Ushanka: ඒ අය තමයි තැරැව්කාර සමාගම් කියන්නෙ. ඒ ඔක්කොම විස්තර ඔයාට තැරැව්කාර ආයතන හරහා අහගන්න පුළුවන්,

    ReplyDelete
  28. Tnx machan watina lipiyak.

    ReplyDelete
  29. Mata danaganna puluwanda 18years kenekta cds account ekak hadanna puluwanda?

    ReplyDelete
  30. Mata danaganna puluwanda 18years kenekta cds account ekak hadanna puluwanda?

    ReplyDelete
  31. @Tharindu:
    18 සම්පූර්ණද? එහෙනම් පුළුවන්.

    ReplyDelete
  32. thanx lot bro.I think that i got something from your post.I is great think should appreciate.gd luck

    ReplyDelete
  33. CDS ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද?

    ReplyDelete
  34. @supun udara: තැරැව්කාර ආයතනයක්ට ගිහිල්ල පුළුවන්.

    ReplyDelete
  35. Mama share market eka gena mukuthma danne nam ne..wadiya.....apita gedara idanma kotas weldapale ganudenu karana puluwanda... naththan tharaukara ayathanayakata yanna onida...

    ReplyDelete
  36. නැහැ. එහෙම යන්න අවශ්‍ය නෑ. ඔන්ලයින් ට්‍රේඩිං හරහා හෝ දුරකථන මාර්ගයන්ගෙන් ගනුදෙනු කිරීම සිදු කළ හැකියි.

    ReplyDelete
  37. Mata danaganna puluwanda api samagamakin kotas gattoth ekata adalawa labhansha masikawa apita labenawada kiyala. nathnam apita laba labanna gattu kotas mila ihala giyama wikunannama oneda?

    ReplyDelete
  38. @Rashmika:
    ඔයාට ලාභ ලැබෙන්නෙ ක්‍රම දෙකකට. ප්‍රධාන ක්‍රමය තමයි අඩු මිලට ගත්තු කොටස් වැඩි මිලට විකිණීම හරහා.
    දෙවන ක්‍රමය, වාර්ෂික ලාභාංශ ලබා දෙන සමාගම් වල කොටස් මිලට ගෙන එම ලාභාංශ ලබා දීමට එම සමාගමින් පවසන දිනට කොටස් සතුව තබා ගැනීම. ඔවුන් කියන දවසට එම සමාගමේ කොටස් ඔබ සතුව තිබුණොත් ඔවුන් පවසන ලාභාංශ ඔබට ලැබෙනවා. වසරකට එක් වරයි ලැබෙන්නෙ.
    හැම සමාගමක්ම ලාභාංශ දෙන්නෙ නෑ. ඒ දෙන සමාගම් වල කොටස් ගන්න ඕනෙ මේක ලැබෙන්න නම්,

    ReplyDelete
  39. මාධව අයියේ. ගොඩාක් ස්තූතියි ලිපියට. මට දැනගන්න පුලුවන්ද කොළඹ කොටස් වෙළෙඳපොළ ට අපිට ඕනම අවස්ථාව ක ඕනම කෙනෙකුට යන්න පුලුවන්ද ?
    කොටස් වෙළෙඳපොළ ඇතුලේම තැරැව්කාර ආයතන CDS account විවෘත කරන්න හැකිද?
    දීර්ඝායු වේවා ඔබට

    ReplyDelete
  40. ඔබ අදහස් කළේ කොටස් වෙළඳපළ ක්‍රියාකාරකම් සිදුවන තැනටද?
    කාර්යයාලීය ක්‍රියාකාරකම් සඳහා යන්න පුළුවන්.
    එතනම තිබෙනව යම් යම් තැරැව්කාර ආයතන වල කාර්යයාල. ඒවායින් පුළුවන් CDS ගිණුම් විවෘත කරන්න. කොහෙන් කළත් එකම ක්‍රියාවලිය තමයි සිදු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Madawa mahththyaa hoda therawkara samagamak obe denume hetiyata kiyannako matath join wenna

      Delete
    2. Asia Securities, Asha Phillip, JB Securities හොඳයි. තවත් වෙනත් ඒවත් ඇති, නමුත් මට අත්දැකීම් නෑ.

      Delete
  41. CDAX mobile app එක තාම නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් CDAX භාවිතය නැවතිලා තියෙන්නෙ. හුඟක් තැරැව්කාර සමාගම් වෙනත් ඇප් වලට ගිහිල්ල.

      Delete

ඔබගේ අදහස්/උදහස්/යෝජනා/චෝදනා මෙහි ලියන්න.
ගැටළුද යොමු කරන්න. (ගැටළු Contact Form හරහාද යොමු කළ හැක.)

Post Top Ad

Your Ad Spot