May 2010 - Guide to CSE

Hot

Post Top Ad

Your Ad Spot

Latest News

Friday, May 28, 2010

අඩවිය එක්ක ඉන්න කට්ටියටට දැන් චැට් කරන්නත් පුළුවන්

4:59 PM 0
මෙම වෙබ් අඩවියට ඔයාල ආවම, ඔයාලට තියෙන ප්‍රශ්න එහෙම කතා කරන්න, මම පොඩි forum එකක්  දැම්මනෙ, දැන් තවත් විශේෂාංගයක් එකතු වෙනවා, ඒ තමා Chat Room එකක්. ඔයාල මේ සයිට් එකට ආවම කට්ටියට එකතු වෙලා සකච්ඡා කරන්න දැන් ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනව, ඉතින් මම හිතනව කට්ටිය මේ දේවල් වලින් ප්‍රයෝජන ගනී කියල. මමත් සමහර වෙලාවට එතන ඉන්න ඉඩ තියෙනව, ඉතින් ඇවිල්ල පොඩ්ඩක් වචනයක් කතා කරල යන්න. ගැටළු තියෙනව නම් අහන්න, පුළුවන් ඕනෙම උදව්වක් කරන්න මම ලෑස්තියි.
ඉන්න කට්ටිය එක්ක කතා බහ කරල දැන අඳුන ගන්න, කොටස් වෙළඳපළ සම්බන්ධ ඔයාලගෙ ප්‍රශ්න සාකච්ඡා කරන්න.
සුභ පැතුම් හැමෝටම.
මෙන්න මෙතනින් යන්න Chat Room එකට.
Read More

Wednesday, May 26, 2010

ආයෝජනයක් ඇරඹීමට කොපමණ මුදලක් අවශ්‍යද???

12:00 PM 4
බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. "මේක පටන් ගන්න කීයක් මම මුලින්ම දාන්න ඕනෙද?"
උත්තරය සරළයි. "ඕනෙම ගාණකින් පටන් ගන්න පුළුවන්"
ක්‍රියාකාරී ආයෝජනයක් සාමාන්‍ය ආයෝජනයකට වඩා වෙනස්. ක්‍රියාකාරී ආයෝජකයෙක් වෙනකොට විවිධ දේවල් ගැනත් හිතන්න ඕනෙ. නැත්තම් ඔයා ලාභ ගන්න ඉස්සෙල්ල දාපු සල්ලි ටික ඉවර වෙලා තියේවි.
ඒ කොයික වෙතත් පොඩ්ඩක් මේ දේවල් ගැනත් හිතල බලන්න.

තැරැව්කාර සමාගමට ගෙවිය යුතු ගාස්තු (Broker Charges)


මේක තමයි ඕනෑම ලොකු පොඩි ආයෝජකයෙකුට තිබෙන ලොකුම වියදම. දුරකථන ඇමතුම්, ඉන්ටනෙට්, මෘදුකාංග වගේ දේවලටත් ඔයාලට වියදම් යනව, නමුත් මේක තමයි ලොකුම එක. මිලදී ගැනීමක් හෝ විකිණිමකදි යන අවස්ථා දෙකෙහිදිම ආයෝජකයාට සිද්ධ වෙනවා තැරැව්කාර සමාගමට ගෙවීමක් කරන්න. වරදවා හිතන්නෙපා ඒ ඔක්කොම සල්ලි යන්නෙ එයාලට කියල, ඒක ඇතුළෙ කිහිප දෙනෙක් ඉන්නව. ඔබත් ඉන්නව කියන්නත් පුළුවන්. (ඉන් කොටසක් විනිමය කොමිෂන් සභාවටත් යනව, එයාල ඉන්නෙ ඔයාලගෙ ආරක්ෂාවට)
ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. කරන ගනු දෙනු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මේ කියන අමතර වියදමත් වැඩි වෙනවා. (මේ කියන ගාස්තුව තමයි අර ඉස්සෙල්ල 1.425% කියල තිබ්බෙ, නමුත් ආයෝජකයින් දිරිමත් කිරීමටත් එක්ක ඒක 1.02% දක්වා අඩු කරල තියෙනව කියල දන්නව ඇතිනෙ?)

තැරැව්කාර සමාගම්, අවම ආයෝජන සීමාවක් පැනවීම


සමහර තැරැව්කාර සමාගම් මේ වැඩේ කරනව. මොකද කියල හිතා ගන්න පුළුවන්නෙ? මොකද කිව්වොත් අපි කරන ගනු දෙනු අනුව තමා එයාලගෙ ආදායම තීරණය වෙන්නෙත්, ඉතින් අපි චුට්ටි චුට්ටි ආයෝජන කරනකොට එයාලට අලාභයි. (අපෙන් අලාභ උනාට අනිත් අයගෙන් ඒක මැකෙනව) උදාහරණයක් විදිහට, අපි මොකක්හරි ආයෝජනයක් කළා කියමුකො රු. 1000ක. ඒකට එයාලට ලැබෙන ගාස්තුව රු.15 කියමුකො. (හරිම ගාණ නෙමෙයි). අපි කරපු ගනුදෙනුවට අදාල රිසිට්පත අපේ ගෙදරට එවන්න එයාලට තව ගාණක් වියදම් වෙනව, අන්තිමට බැලුවම එයාලට අතිනුත් පාඩුයි.
ඉතින් අන්න එහෙම ඒව වළකගන්න හා එයාලගෙ ලාභයන් වැඩි කරගන්නත්, එයාලගෙ පහසුව තකාත්, එයාල අවම සීමාවක් පණවනව. උදාහරණයක් විදිහට සමහර ආයතන රු.100,000ක අවමයක් ඉල්ලනව CDS ගිණුමක් අරඹන්න. ඒත් හැමෝම එහෙම නෙමෙයි. තවත් ආයතන බලන්නෙ දිගුකාලීන ආයෝජකයින් ගැන විතරයි, එතකොටත් එයාල අර වගේ සීමාවක් පණවන්න ඉඩ තියෙනව.

ඉතින් මේව ගැන හිතල තමුන්ගෙ තැරැව්කරුවාව තෝර ගත්තම ලේසියි.
කියන්න තියෙන්නෙ, කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය ඇරඹීම සඳහා අවම මූල්‍යමය සීමාවක් නැහැ. ඔබ කුඩා මුදලකින් ආයෝජනයක් පටන් ගන්න හිතනව නම්, අරම අවම සීමාවක් දාල නැති තැරැව්කාර ආයතනයක් තෝරා ගන්න. එතකොට හරි.
Read More

Monday, May 24, 2010

ඔබගේ ප්‍රශ්න අසන්න අළුත් තැනක්

5:43 PM 0
ඔබ දැන්ටමත් දකින්නට ඇති පරිදි මෙම වෙබ් අඩවියේ පෙනුම වෙනසකට භාජනය කර තිබෙනවා.
දැක්කද දන්නෙ නෑ "Ask A Q" කියන සැබැඳිය?
එහෙනම් දැන්මම ගිහිල්ල බලන්න, අඩවිය තුළම, ඔබ සඳහාම කුඩා Forum එකක් අරඹලා තිබෙනව. ඔබගේ ප්‍රශ්න, අදහස්, උදහස්, යෝජනා, චෝදනා, එහි ලියන්න. අළුතින් ගිණුම් හදන්න ඕනෙ නෑ, ඔබගේ facebook, google, yahoo, myspace, opnid, twitter ගිණුම් යොදාගෙන ඔබට ඒකට ලොග් වෙන්න පුළුවන්.
ප්‍රශ්න අහන්න විතරක් නෙමෙයි, අහල තියෙන ප්‍රශ්න වලට ඔයාලත් උත්තර දීල, ඔයාලගෙ අදහස් දක්වන්නත් මැලි වෙන්න එපා.
දැන්මම ගිහිල්ල බලන්න, මෙන්න මෙතනින්.
Read More

Saturday, May 22, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 3 (Final)

6:06 AM 1
පළමු ලිපියෙන් හා දෙවන ලිපියෙන් අපි කතා කළා සාර්ථක දිගු කාලීන ආයෝජනයක් සඳහා කළ යුතු දේවල් කිහිපයක්, මේ ඒ ලිපි පෙළේ තුනවන හා අවසාන ලිපිය.

7. අනාගතය ගැන හිතන්න.

කට්ටිය බලනවද මොකද්ද ඒ හරුපෙ කියල, ඉස්සෙල්ල ලිපියෙ කිව්ව වැඩිපුර අනාගතේ ගැන හිතන්නෙපා කියල කතාවක්, දැන් වෙන කතාවක් කියනව. ඒ ඉස්සෙල්ල කිව්ව අනාගතේ ගැන නෙමෙයි මේ කියන්නෙ.
කොටස් වෙළඳපළ ආයෝජනයේදී ඉස්සරහට මෙන්න මෙහෙම වෙයි කියල අපිට අනුමාන කරන්න සිද්ද වෙනව. (ඒක අනවශ්‍ය ලෙස එපා කියලයි ඉස්සෙල්ල කිව්වෙ)
එහෙම අනුමාන කරනකොට ඉතාම තදින් මතක තබා ගත යුතු දෙයක් තමයි, පරණ දත්ත වලින් ඉදිරියෙදි මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියල අනුමාන කරන්න පුළුවන් උනාට වඩා වැදගත් වෙන්නෙ අනාගතයෙදි මොනවද වෙන්නෙ කියන එක. අපේ විශ්ලේෂණ වරදින්න ඉඩ තියෙනව. (ඉස්සෙල්ල ලිපියෙත් කිව්වෙ, විවිධ හේතු මත වෙළඳපළ විචලනය වෙනව, අනුමාන කරන්න බැරි දේවලුත් වෙන්න පුළුවන් කියල)

Read More

Wednesday, May 19, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 2

6:05 AM 3
මම කිව්වනෙ ප්‍රතිපත්ති 9ක් ගැන, ඒවයින් තුනක් මුල් ලිපියෙන් කිව්ව, දැන් අපි බලමු ඊළඟ තුන.


4. P/E ratio ගැන බරපතලව හිතන්නෙපා.


මොකද්ද බොලේ මේ P/E ratio කියන්නෙ? ඒ කියන්නෙ Price: Earnings (මිලට ආදායමේ) අනුපාතයයි. මේක ගැන සමහරු හුඟක් ලොකුවට හිතනව. ඇත්ත, ඒ අනුපාතය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ලැබෙන ලාභය වැඩි වෙන්න පුළුවන් තමා, නමුත් මේක ගැන අනවශ්‍ය ලෙස හිතන්න හොඳ නෑ. 
මෙම අනුපාතය ගැන පමණක් හිතල කොටස් මිලදී ගන්න කියල කවුරුහරි කියනවනම් ඒක නම් නරක උපදේශයක්.  මෙම අනුපාතය ගැන හිතනකොට ඒක ගැන විතරක් හිතන්න හොඳ නෑ, තවත් විවිධ විශ්ලේෂණ ක්‍රියාවලි එක්ක සම්බන්ධ කරගෙන තමයි හිතන්න ඕනෙ. මෙම අනුපාතය අඩු උනා කියල කෙලින්ම කියන්න බෑ ඒ සමාගමේ කොටස් අව මිලක (Undervalued) තියෙනව කියල, හෝ අනුපාතය ඉහළ ගියාට කියන්නත් බෑ එම කොටස් අධි මිලක (Overvalued) පවතිනව කියලවත්.



Read More

Saturday, May 15, 2010

සාර්ථක දිගු කාලීන ආයෝජනයකට උපදෙස් - 1

12:54 AM 15
ම්ම මෙතෙක් කල් වැඩිපුරම කතා කරල තියෙන්නෙ කෙටි කාලීන ආයොජන ගැනයි. නමුත් අද කතා කරන්න යන්නෙ දිගු කාලීන ආයෝජන සම්බන්ධයෙන්. එහෙම උනත් සියළුම ආයෝජකයින්ට මේ තොරතුරු හරහා ඉගෙන ගත යුතු දේවල් තිබෙනව.

කොටස් වෙළඳපළ තුළ ආයෝජනයන්ට කිසිදු නීති පද්ධතියක් නැති උනත් එහිදී පිළිපැදිය යුතු පොඩි පොඩි ප්‍රතිපත්ති කිහිපයක් තිබෙනව. ඒව දැඩි හා තර්කාත්මකයි.
අපි එහෙනම් බලමු, ආයෝජකයින්ට ඉහළ ‍වගේම දිගුකාලීන සාර්ථකත්වයක් ලබා ගත හැකි ලෙස වෙළඳපළ තුළ ස්ථාවර වීමට පිළිපැදිය යුතු ප්‍රතිපත්ති 9ක් ගැන.
මේ හැම කාරණයක්ම, ඕනෑම ආයෝජකයෙකු දැන සිටිය යුතු මූලික සංකල්පයක් ඉස්මතු කරනවා.

Read More

Saturday, May 8, 2010

කොළඹ කොටස් වෙළඳපළ ගැන හැමෝම දැනගත යුතු දේවල් ටිකක්

2:08 PM 7
මේ දවස් වල හුඟක් කතා බහට ලක්වෙන මාතෘකාවක්නෙ, කොළඹ කොටස් වෙළඳපළ. විවිධ අය කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය දිරි ගැන්වීම සඳහා විවිධ දේ කියනව (මමත් ඇතුළුව, :) හැබැයි මේකෙන් මට කිසිම ලාභයක් නෑ, රට වෙනුවෙන් දෙයක් කිරීමයි බලාපොරොත්තු වෙන්නෙ.) පත්තර වල ලිපි ලියවෙනව, රූපවාහිනී වැඩසටහන් පවත්වනව, වෙබ් අඩවි වල ලිපි ලියවෙනව, ගුවන් විදුලිය රූපවාහිනිය තුළ ඒ ගැන කතා කරනව. ඒ දේවල් වලින් ප්‍රයෝජනයකුත් නැත්තෙ නෑ කියල කියන්න පුළුවන්. 
Read More

Saturday, May 1, 2010

2010/04/30 - වෙළඳපළ

11:29 AM 4
ඊයේ කොටස් වෙළඳපළ දහවල් 12ට ගනු දෙනු නවතනු ලැබුවා.
සියළු කොටස් මිල දර්ශකය ඒකක 33.88ක සැලකිය යුතු වර්ධනයක් පෙන්වනු ලැබුවා. මිලංකා මිල දර්ශකය ඒකක 17.04කින් ඉහළ ගියා.

(පසුගිය සතිය තුළ ASI හි විචලනය)

(පසුගිය සතිය තුළ MPI හි විචලනය)

Read More

Post Top Ad

Your Ad Spot